“IMF සාකච්ඡා සාර්ථකයි” පලමු ඩොලර් බිලියනය සුදානම්!

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියනයක ණය මුදලක් කඩිනමින්  ලැබීමට නියමිත බවත් විදේශ සංචිත ඉහල නැංවීම සඳහා මෙම මුදල ලබාදීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පියවර මගින් ඖෂධ, ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලට අවශ්‍ය ස්ථාවරත්වය මෙරට මුල්‍ය ආයතන වලට සැපයීමේ හැකියාව ලැබෙනු ඇත.

ජුනි 20 වනදින මෙරටට පැමිණි IMF නියෝජිත පිරිස ඊයේ දිනයේ මෙරටින් පිටව ගිය අතර දූත පිරිස දින දහයක් දිවයිනේ රැදී සිටිමින් මෙරටට IMF සහාය ලබා දීමේ සඳහා වන සාකච්චා ආරම්භ කල අතර ඔවුන් නිවේදනය කර සිටියේ ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා කඩිනම් සහාය ලබා දීමට සිය සංවිධානය සුදානම් බවයි.

ඒ අනුව IMF ස්ථාවරය අනුව යමින් තම සහාය ලබාදීමට සුදානම් බව ඇමරිකානු සහ ජපාන තානාපතිවරුන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දුන් අතර මීට පෙර ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රිකයින්ද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published.