IMF එකෙන් ලංකාවට ලැබුණු ප්‍රතිචාරය! [VIDEO]

ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකට එක්වෙමින් එහි ප්‍රකාශක ගැරී රයිස් ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආර්ථික සංවර්ධනය හා දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවත් මෙරට මුහුණදී සිටින අර්බුදය කාලෝචිත ලෙස විසඳාගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරන බවත් ගැරී රයිස් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.