Noize News 

භූමදානය කරන ස්ථාන අපට සොයාගන්න වෙනවා – වෛද්‍ය අසේල ගුණවර්ධන

කොරෝනා ආසාදිතව මියයන අයගේ දේහ ආදාහනයට හෝ භූමදානයට ඉඩ සලසමින් රජය ගැසට් නිවේදනය නිකුත් කළේ පසුගිය 25 වැනිදා රාත‍්‍රියේය. ඒ අනුව අනුමත සුසාන භූමියක හෝ ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ කොවිඞ් මෘතදේහයක් භූමදානය කිරීමට අවස්ථාව හිමිවේ. එසේ නමුත් දැනට මාර්ගෝපදේශ නිකුත් කර ඇත්තේ ආදාහනයට අදාළව පමණි. මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ ප‍්‍රකාශ කර තිබිණි. ‘‘විද්වත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු හා මම එකතු වෙලා ඒ කෙටුම්පත සකස් කළා. භූමදානය කරන විදිය ගැන. භූමදානය කරන ස්ථාන අපට සොයාගන්න වෙනවා. ඒක හොයාගෙන පස්සේ කොවිඩ් මර්දන බළකායට ඉදිරිපත් කරලා ඒ අයගේ…

Read More
Noize News 

මාර්තු 7 කළු ඉරිදාවක් – පාස්කු ප‍්‍රහාරය ගැන දෙවියන්ට කන්නලව් කරන්න

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බව මේ පිළිබඳව කළ විමසීමකදී දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියතුමා ‘දිවයින’ට පැවැසීය. මෙම සිද්ධිය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බවද වික්ටර් ජයමාන්න පියතුමා…

Read More
Noize News 

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව උසාවි යනවා

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාවට එරෙහිව මෙම සතියේ අධිකරණය හමුවට යන බව ජාතික ජන බලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.  මෙම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කථානායකවරයාට දැනුම් දුන්නත් එය ඉටුකළේ නැති බව පැවැසූ ඒ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එය ලබාගැනීමට උත්සාහ ගත්තද නීතිමය ගැටලූ ඇතැයි පවසමින් එය ලබාදිය නොහැකි බව දැනුම්දී තිබෙන බවද කීවේය.  නමුත් මෙම කොමිසමේ වාර්තාව හරහා දේශපාලන දඬුවම් සිදුකිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් එසේ ආණ්ඩුවේ කිහිපදෙනකුගේ අරමුණු ඉටුකර ගැනීමට තමන් ඉඩ නොදෙන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Read More
Noize News 

බලහත්කාරයෙන් ආදහනය කරන ලද මෘතදේහවලට රජය වන්දි ගෙවිය යුතුයි – එජාප

බලහත්කාරයෙන් ආදහනය කරන ලද කොරෝනා මෘත දේහයන් සඳහා ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එහි සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා අසාදන වී මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අවසර ඉල්ලුවද එය අහිමි වූ පුද්ගලයන්ට මේ සඳහා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලා සිටි යුතු බවයි. මෘතදේහ භූමදානයට රජයේ අවසර ලබා දුන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ බවද ඔහු සදහන් කළේය. ගාල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Read More
trending 

ඇමැති දේවානන්දා බෝට්ටු 10,000ක් රැගෙන ඉන්දීය වෙරළේ විරෝධතාවකට අරඅඳී

ඉන්දීය ධීවරයන් උතුරු මුහුදට පැමිණීම නතර කිරීමට එරට බලධාරීන් පියවර නොගන්නේ නම් උතුරේ ධීවරයින් රැගත් බෝට්ටු දස දහසක් පමණ ඉන්දීය දේශසීමාවට රැගෙන ගොස් විරෝධය පළ කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පෙරේදා 27 දා පැවසීය. උතුරේ ධීවරයින් මුහුණ දෙන ගැටලු හා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට ධීවර ඇමැතිවරයා 25,26 හා 27 යන දින තුනක කාලයක් මුලතිව් ප්‍රදේශයේ රැඳී සිටි අතර එහිදී උතුරේ ධීවර සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පැවසීය. තමන්ගේ අරමුණ මේ වසර අවසන් වන විට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම වළක්වා ගැනීම බව සඳහන් කළ ඇමැතිවරයා…

Read More
Noize News 

පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපතක් අගරදගුරු හිමියන්ට මෙතෙක් ලැබී නෑ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් ඊයේ 28 වන තෙක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත ලැබී නැති බව අගරදගුරු නිල මැඳුරේ ප්‍රකාශකයෙක් පැවැසීය.  ලබන සතියේ ඉරු දින කළු ඉරිදා දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය. එම වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිහිපවාරයක් ඉල්ලීම් කළ බව කියා සිටි එම ප්‍රකාශකයා, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කිතුනු ප්‍රජාවට ඉන් සාධාරණත්වය ඉටුවනු ඇති බවට එම ජනතාව විශ්වාසය තබා සිටින බවද කියා සිටියේය. පාස්කු වාර්තාවේ පිටපත් මේ…

Read More
Noize News 

පළාත් සභා ඡන්දය පැවැ­ත්වී­මට අදා­ළව ජන­පති සාක­ච්ඡා­වක් කැඳ­වයි

පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හෙට (2) පස්ව­රුවේ සාක­ච්ඡා­වක් කැඳවා තිබේ. ඒ සඳහා පළාත් සභා විෂය භාර ඇමැ­ති­ව­රුන් හා එහි ලේක­ම්ව­රයා, නිති විශා­ර­ද­යන් සහ සෞඛ්‍ය අංශ ප්‍රධා­නීන් සහ­භාගී වීමට නිය­මි­තය. පළාත් සභා මැති­ව­ර­ණ­යට පැවැ­ත්වී­මට අදාළ නීති සංශෝ­ධ­නය කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා කළ ඉල්ලී­ම­කට අනුව මැති­ව­රණ කොමි­සම පළාත් සභා ඡන්දය පැවැ­ත්වී­මට අදා­ළව ජන­පති සාක­ච්ඡා­වක් කැඳ­වයිසහ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අතර සාක­ච්ඡා­වක් පසු­ගිය සති­යේද පවත්වා තිබේ. ඒ පළාත් සභා මැති­ව­ර­ණය මේ වසර මැදදී පැවැ­ත්වී­මට අවශ්‍ය පසු­බිම සැක­සී­මට බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති නිමල් පුංචි­හේවා මහතා…

Read More
Noize News 

රැකියා ලක්ෂයේ වැඩසටහන කඩාකප්පල් කරන්න එපා – ජනපති කියයි

දිළිඳු පවුල්වල අභිවෘද්ධිය උදෙසා සැලසුම් කළ ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන කඩාකප්පල් නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. සමාජයේ පහළම ආදායම් ස්තරයට අයත් පවුල්වලින් තෝරා ගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන දිළිඳුකම පිටුදැකීමේ පරමාර්ථය ඇතිව ක්‍රියාත්මක කෙරේ. රැකියාලාභීනට එක් ක්ෂේත්‍රයකට සීමා නොවී බහුකාර්ය පුහුණුවක් දෙන අතර, දිළිඳු පවුල්වල අභිවෘද්ධිය උදෙසා සැලසුම් කළ මේ වැඩසටහන කඩාකප්පල් නොකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටයේය. ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (27) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත්, කිවුලේකඩවල විද්‍යාල භූමියේ පැවති “ගම සමඟ…

Read More
Noize News 

අපනයන භෝග ආදායම මිලියන 10කින් ඉහළට දාන්න අපට හැකි වුණා

පසුගිය 2019 වර්ෂයේ රුපියල් මිලියන 63,000ක්ව පැවති අපනයන කෘෂි භෝග ආදායම වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 73,000 දක්වා වර්ධනය කර ගැනීමට වත්මන් රජයට හැකිව තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද වන විට තේ, පොල්, රබර් මත යැපුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජවයක් ලබාදිය හැකිව තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා දේශීය නිෂ්පාදන අන්තර්ජාතික මට්ටමට ගොඩනඟා අපනයන මුලික කරගත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත්, මෑතක් වන තුරු අඹ, පේර, කජු හා සියඹලා පමණක් නොව ඉදල්, කොහු, කැටපෝලත් මෙරටට ගෙන්වා තිබෙන බව කීවේය. අගමැතිවරයා මේ බව සඳහන්…

Read More
Noize News 

යාපනය බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් – 52 ක් පොසිටිව්

යාපනය බන්ධනාගාරයේ කොවීඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කල අතර යාපනය විශ්වවිද්‍යාලයේ රසායනාගරයේදී සිදුකල පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා වලට අනුව රැඳවියන් 52 දෙදෙනෙකුම කොරෝණා ආසාදිතයින් වශයෙන් ඊයේ (27) දින තහවුරු වී ඇත. මේ හේතුව නිසා යාපනය බන්ධනාගාරය තුල අදාල කොරෝණා ආසාදිතයින් සමීප ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන්ද නිරෝධායනය කොට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් විසින් මේ…

Read More