ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ජිනීවා වාර්තාවෙන් නිර්දේශ කරයි
Spread the love
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මගින් මෙරටට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට නිර්දේශ කර තිබේ.
එසේම ”මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක ලෙස චෝදනා ලැබ සිටින’’ ශ්‍රී ලාංකිකයන් සඳහා වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක යෝජනා කිරීමට සිදුවන බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම මානව හිමිකම් වාර්තාව දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සකස් වී ඇති බව පැහැදිලිවන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර තිබේ. එසේම මෙම මානව හිමිකම් වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ජනවාරි 27 දක්වා කාලය පවතින බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1