පළමු යුරෝපා සංචාරක පිරිස ශ්‍රී ලංකාවට

Spread the love

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමෙන් පසු පැමිණි මුල්ම යුරෝපීය සංචාරක කණ්ඩායම ලෙසින් දහදෙනකුගෙන් සමන්විත නෙදර්ලන්ත ජාතිකයන් පිරිසක් පෙරේදා (21) මෙරටට පැමිණියහ.

මේ පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙක් පැවසීය.

මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනකු ඊයේ (22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීම පිළිබඳ වාර්තාකරණයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවද ඒ ප්‍රකාශකයා කීවේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *