ධම්මික පැණිය e – bay එකේ විකුණන්න දාලා – පැණියේ මිල අදහා ගන්නත් බෑ

Spread the love

ලෝකප්‍රකට  අන්තර්ජාල විකුණුම් සේවාවක් වන e-bay ජාලය තුළ ධම්මික බණ්ඩාර  විසින් නිෂ්පාදනය  කර ඇති කොරෝනා පැණිය අලෙවි කිරීම සඳහා යොමු කර තිබේ .

එම දැන්වීමට අනුව බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 250කි. එය ලංකාවේ මුදලින් රුපියල් 48,500කි.

එමෙන්ම තැපැල් ගාස්තුව සඳහා ඩොලර් 10ක අමතර මුදලක්ද අය කරන බව සඳහන්ව ඇත.

මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ කොරෝනා වැක්සින් යනුවෙන් නම් කරමින් ප්‍රචාරය කර ඇති මෙම දැන්වීම සඳහා ධම්මික බණ්ඩාර කපුවා විසින් කතානායකවරයා වෙත කොරෝනා පැණිය ලබාදෙන ආකාරයේ ඡායාරූප, සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා පැණිය බොන අවස්ථාව, කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස අසල කොරෝනා පැණිය ලබාගැනීමට පොරකන ජනතාවගේ ඡායාරූප පළකරමින් මෙම දැන්වීම සකස් කර තිබීමය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *