අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනපති සුරතින් අද විවෘත වෙයි
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ලෙස අතිනවීන තාක්ෂණය හා පහසුකම් සහිත දියුණු යුරෝපීය තාක්ෂණය එක්තැන් කරමින් ඉදිවූ රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම [Rigid Tyre Corporation (Pvt) Ltd] අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරේ.
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්රතිඵලයක් ලෙස ඉදිවුණු මෙම කර්මාන්තශාලාවේ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමකින් සිදු කෙරෙන ප්රථම අදියරේ ඉදිකිරීම් මේ වන විට සම්පූර්ණ වී ඇති අතර දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු 2022 මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිත වේ.
පුළුල් නිෂ්පාදන ධාරිතාවක් සහිත, අපනයනය ඉලක්ක කරගත් දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් මෙරට එම වර්ගයේ ප්රථම හා එකම කර්මාන්තශාලාව ලෙස සැලකෙන රිජිඞ් ටයර් කර්මාන්තශාලාව ඉදිකිරීමට පහසුකම් සැපයීමෙන් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය දායකවිය.
ීඹඪ රථ සඳහා විශේෂ වූ ටයර් ඇතුළුව මගී මෝටර් රථ සඳහා වන ටයර්ද, මෝටර්සයිකල්, ත්රිරෝද රථ, ට්රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බර වාහන ටයර්ද නිෂ්පාදනය කිරීමට නියමිතය