චම්පිකගේ 43වන සේනාංකයට සජිත් පිලේ කොටසක් යයි
Spread the love
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් 43වන සේනාංකය නමින් අලුත් සංවිධානයක් සකස් කර ඇති බව වාර්තා වේ.
ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් චම්පිකගේ සංවිධානය සමග සිය පක්ෂයේ අනුබද්ධ සංවිධානවලට කටයුතු කිරීමට බලපෑමක් සිදු නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම එම සංවිධානයට මේවන විට සමගි ජනබලවේගයේ අනුබද්ධ සංවිධානද කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බවත්වාර්තා වෙයි.
ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් එක් කර ගනිමින් ප්‍රබල බලවේගයක් ගොඩ ගැනීමට මේවන විට චම්පික කටයුතු කරමින් සිටි බව ආරංචිමාර්ග පවසයි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1