පැණි පෙන්නලා ප්‍රශ්න වහලා – කාලිට අපහාස කරලා දමිළ ජනතාව තරහා කර ගන්නත් එපා – මනෝ ගනේෂන්

Spread the love

හින්දු දෙවිවරුන්ට අපහාස කිරීම ආරම්භ කළහොත් වත්මන් ආණ්ඩුව ගැන දමිළ ජනතාවට ඇති විශ්වාසයනැති වී යන බවත් හින්දු දෙවගනක් වන කාලි අම්මට නින්දා අපහාස කිරීම වහා නතර කරන ලෙසත්සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේය.

වෛරසය පාලනය සඳහා මෙතෙක් ලෝකයේ බෙහෙතෙක් ලැබී නැති බවත් තමන්ද ආයුර්වේද බෙහෙත් ලබා ගන්නා බවත් පැවසූ ඔහු කොරෝනා වැනි වෛරසයකට බෙහෙත් නිෂ්පාදනය කිරීමේ දී පිළිවෙලක් තිබිය යුතු බවත් හෙතෙම කියා සිටී.

මෙම ප්‍රශ්නයට විද්‍යානුකූලව විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ඔහු ආණ්ඩුව කරන්නේ පැණි ජාති ගෙනැවිත් ඇත්ත ප්‍රශ්න වැසිම බවද කියා සිටියේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *