බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරය මෙරටට ආවොත් විශාල පිරිසක් මැරෙන්න පුළුවන් – සුදත් සමරවීර
බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසය නව ප්‍රභේදය මේ අවස්ථාවේදී අප රටට ඇතුළුවීමට ඇති සියලු ඉඩකඩ ඇහිරිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකක ඒකක ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ( 22) කොළඹ දී කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවට මහා බ්‍රිතාන්‍යයේ සිට හෝ යුරෝපයේ සිට සංචාරකයන් හරහා වෛරසය අප රට තුලට ඇතුළු වුණොත් විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා විය හැකි බවත් මෙසේ රෝගීන් වැඩි වුනොත් රෝගීන් සඳහා ඇඳන් සෙවීම හා දැඩි සත්කාර සකස් කිරීම දුෂ්කර විය හැකි බවත් ඔහු අවධාරණය කරයි.
මෙම වෛරස ප්‍රභේදය වේගයෙන් පැතිරීම නිසා විශාල පිරිසකට බෝ විය හැකි අතර ඒ අනුව සංඛ්‍යාත්මකව විශාල පිරිසක් මිය යා හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
විශේෂයෙන්ම බටහිර ඇතැම් රටවල් මේ අවස්ථාව වන විටත් මහා බ්‍රිතාන්‍යට සංචාරන සීමා පනවා ඇති බව ඔහු සඳහන් කරයි කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය අංශ මේ පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් පසුවන බවද ඔහු සඳහන් කරයි.