ධම්මිකගේ ලක්ෂණ විශාදය හා මායාකාරී පෞරුෂය පෙන්වනවා -වෛද්‍ය රූමී රූබන් හෙළි කරයි

Spread the love

කොරෝනා ඖෂධය නිපද වූ කෑගල්ලේ ධම්මික මානසික රෝගයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් මහතා සඳහන් කරයි.


සායනික පරීක්ෂණයක් කර එය හඳුනාගැනීම වැදගත් විය හැකි බවද හෙතෙම දන්වා දසිටින අතර විශාදය හා මායාකාරී පෞරුෂය යන මානසික රෝග ලක්ෂණ ඔහු කෙරෙන් පිළිඹීබු වන බව වෛද්‍යවරයා කියා සිටී.

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඉදිරියේ ඔහු හැසිරුණු ආකාරය සහ ඔහු පත්වාගෙන යන දේවාලයකදී කාන්තාවන්ට ප්‍රතිකාර ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට නිරීක්ෂණය කිරීමේදී මෙම ලක්ෂණ හඳුනාගන්නට ලැබෙන බව ඔහු පවසයි.

මෙවැනි තත්වයන් දැඩි ආතතිය හා මානසික ගැටලු නිසා ඇතිවිය හැකි බවත්
මෙම තත්වය ඔහු රඟපාන එකක් වීමටද ඇතැම්විට ඉඩ තිබෙන බත් වෛද්‍යවරයා දන්වා සිටී.
මෙවැනිම ආකාරයට වාණිජ අරමුණු වෙනුවෙන් සමාජයේ මුල්බැස ගත් දේව විශ්වාසවලින් තමන්ට වරම් ලැබී ඇති බව පවසමින් රඟ පෑමේ යෙදෙන පුද්ගලයින් ලංකාවේ සිටින බවද වෛද්‍යවරයා පවසයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *