මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පත් වූ නව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරියෙකි.
මිට අමතරව ඔහු බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.