විස්සයි 20 ලීග් අතරට ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස එක් වූ LPL ආරම්භක තරඟ ජය කළඹ්බු කිංග්ස් පිලට
ලෝක ක්‍රිකට් පිටියෙ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි 20 ලීග් අතරට ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස එක් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේ පළමු පන්දුවට පහර දුන් පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය.
හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ මෙම තරඟයේ දී කළම්ඹු කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 220ක් දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
ජයග්‍රාහී ලකුණු 220 ඉලක්කය හඹා ගිය කළම්ඹු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 219 ක් ලබා තරගය සම වීම හේතුවෙන් ක්‍රියාත්මක සුපර් ඕවර් කිරීමට සිදුවිය.
ඒ අනුව කළම්ඹු කිංග්ස් කණ්ඩායම ලකුණු 16ක් රැස් කරගත් අතර කැන්ඩ් ටස්කර්ස් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවේ ලකුණු 11ක් පමණි ඒ අනුව එල් පී එල් තරගාවලිය පරමු තරඟ ජය කළම්ඹු කිංග්ස් කණ්ඩායමට හිමි විය .තරගයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගන්නා ලදී.