අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ගැන ඉදිරි දින 10 ඇතුළත තීරණයක්

Spread the love

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමකරගත් 2021 ජනවාරි 18 වැනිදා සිට විභාගය පවත්වනවාද නැතිද යන්න ඉදිරිදින 10 තුළ තීරණය කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා  අද(26දා) පැවසීය.

රට තුළ පවතින කොවිඞ් රෝග තත්ත්වය නිසා තෙවැනි වාරය සඳහා මෙතෙක් බස්නාහිර පළාතේ සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් විවෘත කර නැත.එසේම කොවිඞ් 19 රෝගීන් හමුවීම නිසා  මහනුවර නගර බලප්‍රදේශයේ පාසල් අද(26දා) සිට දින 07ක්ද   කල්මුණේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට(27දා) සිට දින 07ක් වසා තැබීමට පියවරගෙන ඇත

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *