මහජන මුදලින් පවත්වාගෙන ගිය ජලනි ප්‍රේමදාසගේ ජාල් “සැලොන් ඇන්ඩ් ස්පා” බේර ගන්න චම්පික නැටූ ජාල් නාඩගම මෙන්න

Spread the love

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රෙමදාසගේ ආදරණීය බිරිඳ වන ජලනි ප්‍රේමදාස ෂැංග්‍රීලා හෝටලයේ පවත්වාගෙන යන සැලූනය සහ සම්බාහන ආයතනයට නිවාස අධිකාරිය යටතේ වැ‍ටුප් ගෙවන ලද සේවකයන් ගනනාවක් යොදවා ගත් බව අද සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. ජාල් සැලුන් ඇන්ඩ් ස්පා යනුවෙන් හැඳින්වෙන මෙම ආයතනය සුපිරි සේවයක් සපයන අති විශල ලාබයක් ලැබූ ආයතනයක්ද විය. නමුත් එහි සේවක සේවිකාවන් ලෙස කටයුතු කළ අයට වැ‍ටුප් ගෙවා තිබෙන්නෙ රටේ මහජන මුදල් වලින්ය. වසර කිහිපයක් තිස්සෙ මේ වංචා සහගත ක්‍රියාවලිය සිදුව ඇති අතර මේ වෙනුවෙන් රුපියල් කෝටි ගනනාවක් මහජන මුදල් වැය කර තිබේ. ඒ ගැන දැන් පරීක්ෂණ ක්‍රියාත්මකය. රට ලෝකය හමුවේ තමාගෙ දෑත් පිරිසුදුය කියන මේ දේශපාලුවන් රාජ්‍ය මුදල් ඕල්සේල් ගසා කා ඇත. රාජ්‍ය දේපොල අවභාවිතා කර ඇත.

පහත දැක්වෙන්නේ මේ ජාල් සැලූන් අන්ඩ් ස්පා ආයතනය ෂැංග්‍රීලා හෝටලයට ගෙන යෑමට පෙර නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ගොඩනැගිල්ලක වංචා සහගතව එම ව්‍යපාරය වෙනුවෙන් යොදගැනීම ගැන සාක්ෂිය. එදා යහපාලනයේ මුඛ්‍ය අරමුණ වංචාවෙන් දූෂණයෙන් තොරව රාජ්‍ය පාලනය කිරීම යැයි සිතා ඒ වගකීමෙන් යුතුව රාජ්‍ය මුදල් දේපොළ ආරක්ෂා කළයුතුයි යැයි සිතූ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් එදා මේ ජලනි ප්‍රේමදාස සිදු කළ වංචාව අතටම අල්ලා ගන්නා ලදී.

නාගරික නිවාස වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය කළ ගොඩනැගිල්ලක් තුල ජලනි ප්‍රේමදාස කිසිදු අවසරයකින් තොරව ව්‍යාපාරික ආයතනයක ලෙස මෙම සැලූනය පවත්වාගෙන ගොස් තිබේ. එමෙන්ම එම ගොඩනැගිල්ල අභ්‍යන්තරය කඩා බිඳ වෙනස් කිරීමටද කටයුතු කර තිබේ. මෙය නිත්‍යානුකූල නොවන කාරණයක් නිසා එම ගොඩනැගිල්ල සීල් තැබීමටත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටත් එම අධිකාරිය තීරණය කර ඒ සඳහා අධිකරණය හමුවටද ගොස් තිබේ.

නිලධාරීන් අවංකව එසේ කටයුතු කරන්නට පෙළඹුනද එදා මේ අධිකාරිය විෂය පථයක් ලෙස වගකීම පවරා තිබූ මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨළි චම්පික මැදිහත් වී ජලනි ප්‍රේමදාසව නීතියෙන් බේරාගැනීමට කටයුතුකර තිබේ. මේ ආලපාලුව ද රට හමුවේ බොහෝ සුන්දර යහපාලන කතා ඇද බෑවට දුෂණ වංච තොගයක් සම්බන්ධයෙන් චෝදනා රැසකට වගකිව යුත්තෙකි. එපමණකින් නොනැවති අනෙක් දූෂිතයන්ව නීතියෙන් බේරාගැනීමටද කටයුතු කර තිබේ.

මේ සුදු රෙදි පොරවාගෙන යහපාලන ගැන නන්දොඩපු වුන් මෙගා හොරු කල්ලියක් බව තහවුරු වෙන තවත් එක් සිදුවීමක් ලෙස මේ ජාල් නාඩගම හැඳින්විය හැකිය

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

2 thoughts on “මහජන මුදලින් පවත්වාගෙන ගිය ජලනි ප්‍රේමදාසගේ ජාල් “සැලොන් ඇන්ඩ් ස්පා” බේර ගන්න චම්පික නැටූ ජාල් නාඩගම මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *