රංජන් පාර්ලිමේන්තුවේ දී කථානායකට ලොක්කා කියයි

Spread the love

විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *