එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කළ යුතු බවට යෝජනා වී තිබේ.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (22 ) පැවැති රැස්වීමකදී එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රී සේනාරත්න බණ්ඩාර විසින් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහගේ නම යෝජනා කර තිබේ. එය ස්ථීර කරනු ලැබුයේ එජාප මහනුවර දිස්ත‍්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය විසිනි.

මහනුවර එජාප පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (22 ) පැවති පක්‍ෂ ක‍්‍රියාකාරී හමුවකදී එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට සිදුව ඇත. මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප‍්‍රිය, සංදීප් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here