ඉදිරි පැය 30 තුළ සුළි කුණාටුවක් ඇති වීමේ අවදානමක්

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 30ක කාලය තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දිනය වන විට දිවයිනේ ඊසානදිග වෙරළබඩ වෙත ළඟා වෙනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතී.

ඒ අනුව නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here