”රුපියල් 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නෙමෙයි” – විමල් වීරවංශ

කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක මුදල සතියෙන් වියදම් කර දැන් මොකුත් නෑ කියන බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී පැවසීය.

රුපියල් පන්දහසක් ආධාරය ලබා දුන්නේ සතියකින් වියදම් කරන්න නොවන බවත් හෙතෙමෙ පෙන්වා දෙයි.

තමන් මේ තොරතුරු පවසන්නේ කොළඹ දිසාපතිවරයාගෙන් විමසීමෙන් පසුව බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

 375 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply