අද වනවිට මෙරට කොරෝනා වෛරසයේ යම් පාලනයක් තිබෙන බවත් ඒ ගැන සතුටට පත්විය හැකි බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

කොරෝනා වෛරසය පැතිරෙන විට කාලකන්නි සතුටක් නොලබන බවත් එයින් ජනතාව අසරණ වන බවත් පැවසූ ඔහු මෙම ප්‍රශ්නය ඉක්මනට විසඳා ගත යුතු බවද සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා එන්නතකට සූදානම් වී සිටිය යුතු බවත් වෙනත් රටවල් ඒ සදහා සූදානමින් සිටින බවත් පැවසූ ඔහු අයවැයෙන් කොරෝනා වලට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නැතැයි ද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here