ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 200ක් බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසයි.

මේ සදහා දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය එකග වූ බව ඊයේ (18) වෙළද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරුන් මේ බව ප්‍රකාශ කළේය.

ටින් මාළු කර්මාන්තයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන අතර ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලකට නිකුත් කිරීමට පූර්ණ සහය ලබාදෙන බව පවසා ඇත.

ඒ අනුව සැමන් ටින් එකක් සතොස හා සමූපකාර හරහා රුපියල් දෙසීයක සිල්ලර මිලකට අලෙවි කිරීමට නිෂ්පාදකවරුන් එකග වූ බව ඔවුන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here