කොරෝනා ව්‍යසනය හේතුවෙන් මේ වන විට පාසල් දරුවන්ගේ අධ්‍යාපනයත් අඩාල වී තිබෙනවා .

ඇතැම් ගුරුවරුන් online මාධ්‍ය හරහා අධ්‍යාපන කටයුතු ලබාදීමට කටයුතු කරනවා.නමුත් ඒ සඳහා සියලුම දරුවන්ට පහසුකම් ඇත්තෙත් නැහැ. ස්මාර්ට් ජංගම දුරකතන වගේම අන්තර්ජාල පහසුකම් නැතිව ගොඩක් දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් දරුවන් වගේම දෙමාපියන්ද දඅඩි අපහසුතායන්ට ලක්ව සිටිනවා.විශේෂෙන්ම පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුභවතුන් online මාධ්‍ය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබනවා .එක්තරා අතකට මෙය සාධනීය තත්ත්වයක් වුවත් ඉතාමත් දුෂ්කර ජීවිත ගෙවන ළමුන්ට මෙය දැඩි අසාධාරණයක්.

මොකද එම දරුවන්ට කිසිදු පහසුකමක් නැති නිසාවෙන්. මේ අතර අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා පාරවල් ගානේ ගල් උඩ නැගගෙන අන්තර්ජාලය හා සම්බන්ධ වන්න බලා හිඳින දූ දරුවන්ගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙනවා.

මේ වැඩි ඈතක නෙවෙයි බදුරලිය ප්‍රදේශයේ කෙලින් කන්දේ සිටින ළමුන් තමයි මේ අයුරින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට මේ විදියට විදියට ඉන්නේ.

මෙම කරුණ බලධාරීන්ගේ ඇස ගැටෙන්නේ නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් හොඳින් සිදු කර ගැනීමටත්,ගුරුවන්ගේ මේ උත්සාහයත් තවදුරටත් මල්ඵල ගැන්වීමටත් හැකියාව ලැබේවී

එම ඡායාරූප පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here