බෝගම්බර සිරගෙදර නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින මහනුවර නගරය අනතුරට පත් කිරීම පිළිබඳව බෞද්ධයන් ලෙස අප කම්පාවට පත් වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊයේ (18 ) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

නිරෝධායනයේ සිටි අයකු සඳුදා (16 ) රාත‍්‍රි සිරගෙදරින් පැන ගොස් ඇති බවත් මේ අවදානම කලින් දුටු තමන් බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඊට පෙර දින එනම් ඉරිදා (15 ) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප‍්‍රකාශ කළ බවත් හෙතෙම සඳහන් කරයි.

සිරගෙදර වැඩ කරන නිලධාරීන් 50 ක් පමණ සිටින බවත් ඔවුන් විවිධ අවශ්‍යතා සඳහා නගරයට පැමිණීමද අවදානම් බවත් කැබිනට් මණ්ඩලයේදී හෝ මේ පිළිබඳ සාකා කර උතුම් මහනුවර නගරය ආරක්‍ෂා කිරීමට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය කාල බෝම්බයක් බවත් ඉන් පැනයෑමට උත්සාහ කළ රැඳවියකු මියගොස් ඇති බවත් තවත් අයෙකු රෝහල් ගත කර ඇති බවත් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙහිදී අදහස් පළ කළ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී නලින් බණ්ඩාරප‍්‍රකාශ කළේ බෝගම්බර සිරගෙදර වසර 200 ක් පමණ පැරැුණි ගොඩනැගිල්ලක් බවත් එම පැරැණි ගොඩනැගිල්ලේ රැඳවියන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් පවතවාගෙන යෑම ඔවුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here