ශ්‍රී ලංකාව මේ වන විට කෙරෝනා දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් බවත් කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි.

කොරෝනා පාලනයයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස මුදුනේම සිටි බවත් ලොව අනෙක් සියලූ රටවල් පළමු රැල්ල පාලනයේදී ශ්‍රී ලංකාවට පහලින් සිටි බවත් පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී දැක්ම හරහා මෙම තත්ත්වය ළඟා කරගත් බව ද කියා සිටියේය.

කොරෝනා දෙවැනි රැල්ල ඊට වඩා බරපතළ ලෙස ව්‍යාප්ත වුවද අද වෙද්දි එයද සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන තිබෙන බව කිවහැකි යන්න මන්ත්‍රීවරයා පැවසීය.

හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here