ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි ඉස්ලාම් ආගමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

කොරෝනා මෘතදේහ වල විසබීජ ජලය හරහා පැතිරෙන්නේ ඇයි නිර්ණායක ලබා දුන්නේ කවුදැයි ප්‍රශ්න කරන ඔහු ජලය හරහා යන්නේ රෙද්ද අස්සටද’යි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසා තිබේ.

මෙම තීන්දු තීරණ ගන්නේ ඔලුවක් නැති අය බවත් ඒවා විද්‍යාත්මක තීන්දු නොවන බවටත් ඔහු චෝදනා කරන ඔහු මෙය ජාතිවාදී තීන්දුවක් බවත් මලමිණී උඩින් ආණ්ඩුව ජීවත්වන බවත් පවසයි.

කොරෝනා මර්දනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගඋපදේශ අනුව කරන්න හැකිනම් මෘත දේහ භූමදානයට පමණක් ඉඩදිය නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here