ලාංකීය චිත්‍රපට මාෆියාවේ කුප්‍රකට අගරජු ලෙස කිරුලුපලන් සෝමරත්න දිසානායක සිය දේශපාලන බලපුළුවන්කාරකම් අහිමිවද තවදුරටත් සිය බලඅධිකාරය ලාංකේය චිත්‍රපට ක්ශේත්‍රය තුළ බළල් අත්ලවා ක්‍රියාත්මක කරගනිමින් සිටී. එ් විශමභාග චිත්‍රපටය තිරගත කිරීම සීමා කරමින් තමන්ගේ සුනාමි චිත්‍රපටය බලහත්කාරයෙන් ඊට උඩින් පෝළිම් පන්නවා තිරගත කිරීමෙනි. ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද විශමභාග ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන ඉතා සියුම් සහ අනුවේදනීය පණිවිඩයක් රැගෙන එන ගුරුදෙමව්පියන් හා දරුවන් හට සිය ආකල්පයන් වර්ධනය කරගතහැකි නිර්මාණයකි. එතෙක් මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මානයන්ට පාත්‍රවූ ලාංකේය චිත්‍රපටයක් වන මෙය ලංකාවේ ප්‍රදර්ශනය සීමාකිරීම ලංකාවේ ප්‍රෙක්ෂකයාට සිදුකරන අසාධාරණයක් මෙන්ම ලාංකේය චිත්‍රපට ක්ශේත්‍රය තුළ ගුණාත්මක නිර්මාණයන්ට කෙරෙන අවමානයක් සහ තර්ජනයක් ලෙස සැලකිය හැකිය.

කලින් කලට තමන්ට වාසි සහගත ලෙස දේශපාලන පිල්වලට පණිමින් අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරැවන්ට බලෙන් සිය චිත්‍රපට පෙන්නවූ සෝමරත්න දිසානායක සිය දේශපාලන බලය උපයෝගී කරගෙන අනෙකුත් චිත්‍රපට නිර්මාණකරැවන්ගේ චිත්‍රපට ප්‍රදර්ශන අයිතිය අසාධාරණ ලෙස පැහැර ගත්තේය. කිසිවෙකු ඊට විරුද්ධව හඬනොනගන්නේ සෝමරත්න දිසානායකගේ වාසිපිලට කඩේ යන දේශපාලන බලපුලුවංකාරකම නිසාය. දේශපාලන බලය තුළ තමන්ගේ බඩ වඩා ගැනීමට පමණක් චිත්‍රපට නිපදවන මෙවැනි පිළිලයන් ලාංකේය සිනමාවෙන් අතුගා දැමූ දිනෙක අපට අලුත් සිනමාවක් පිළිඹඳ බලාපොරොත්තු සහගත විය හැකිය. සෝමරත්නගේ සිනමා සුනාමියෙන් ගුණාත්මක නිර්මාණ විනාශවීමට ඉඩ නොතබමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here