දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ වීමට සිටි පෙම්වතිය එම විවාහයට අකැමැත්ත පළකිරීම නිසා ඊට උරණ වූ පෙම්වතා මුහුණු පොත මගින් ඇයගේ චරිතයට හානියක් වන අන්දමින් අසභ්‍ය ඡුායාරූප සහ දැන්වීම් පළකිරීමේ චෝදනාව මත ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුව ලබන 23 දා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නිගෙයා්ග කොට තිබුණා.

ඌරාපොළ, බෝපැත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකරු සහ පැමිණිලිකාරිය දෙපාර්ශ්වයෙන්ම ගෙනා විවාහ යෝජනාවක් මත විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටියදී සැකකාර පෙම්වතාගේ ක‍්‍රියා පටිපාටිය නොගැළපෙන හෙයින් පැමිණිලිකාරිය සැකකරුගෙන් වෙන් වී ඇති බවත් ඇයගේ ආදරය අමතක කළ නොහැකි නිසා ඇගේ  ජංගම දුරකථනයත්, ඇගේ ඡායාරූපයත් සමග වෙනත් කාන්තාවකගේ නිරුවත් ඡුායාරූපයක් සමග මුහුණු පොතේ ගිණුමක් විවෘත කර ඇය අපහසුතාවට පත්කළ බව සැකකරු පිළිගෙන ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ පවසා තිබේ.

ගම්පහ, බෙම්මුල්ල ප‍්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර තරුණිය සැකකරුගේ එම ක‍්‍රියා කලාපය හේතුවෙන් දැඩි අපහසුතාවටත් ලැජ්ජාවටත් පත්වීම හේතුවෙන් පොලිසියට කරන ලද පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු ව්‍යාජ අන්දමින් මුහුණු පොතේ ගිණුම ආරම්භ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here