ආණ්ඩුවේ මංගල අයවැයෙන් රටේ ජනතාවට බලපාන ප‍්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට කි‍්‍රයාකරන බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ රටවල් ගණනාවකට බලපෑ ප‍්‍රශ්න ශී‍්‍ර ලංකාවටද බලපා තිබෙන බව සඳහන් කළ අග‍්‍රාමාත්‍යවරයා ජනතාව මුහුණ දුන් ප‍්‍රශ්න හේතුවෙන් සමහරු ආණ්ඩුව විවේචනයට ලක් කරන බවද රටේ සැබෑ තත්ත්වය පිළිබඳව කරුණු පෙන්වා නොදෙන බවද පැවැසීය.

ආණ්ඩුවේ මංගල අයවැය පිළිබඳව ජනතාව තබා තිබෙන බලාපොරොත්තුව කඩ නොකර ජනතාවට සහනයන් ලබාදෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here