ඊයෙ (15) මෙරටින් කොරෝනා ආසාදිතයන් 704 ක් වාර්තා වූ අතර එය මෙරට එක් දිනක් තුළ ආසාධිතයින් වැඩිපුරම වාර්තා වූ තුන්වැනි අවස්ථාවයි.

ඒ අතර කොළඹ නගරයෙන් පමණක් ආසාදිතයන් 541 දෙනෙකු වාර්තා විය.එය මේ දක්වා දිනක් තුළ කොළඹින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවලෙස වාර්තා වීය.

එම ආසාදිතයන් අතුරින් ආසාදිතයන් 372ක් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා යන ප්‍රදේශවලින් වාර්තා වී තිබීම වවිශේෂත්වයකි.

මෙම තත්ත්වය හමුවේ අදහස් දැක්වූ වෛද්‍ය චරිත අලුත්ගේ මහතා පවසන්නේ ඔක්තෝම්බර් මාසයට වඩා නොවැම්බර් මාසය වන විට ආසාදිතයන්ගේ වර්ධනයක් සිදුව ඇති බවත් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දැඩි සංචරණ සීමා පනවා දැඩි පාලනයකට යටත් කර කිසිවකුටත් නගරය ඇතුලට ඒමටත් නගරයෙන් පිටතට යාමටත් අවස්ථාවන් ලබා නොදිය යුතු බවයි . එසේ නොවුවහොත් ලොකු ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන බවත් ඇය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මරණ සංඛ්‍යාව අඩුවක් දක්නට නොමැති බවත් වයස්ගත පුද්ගලයින් කොළඹ නගර සීමාවේ වැඩි බවත් ඒ අය බේරා ගැනීමට පුළුවන් කමක් තිබේද යන්නත් ප්‍රශ්නයක් බවත් ඇය පෙන්වා දෙයි.

එම නිසාවෙන් අවම වශයෙන් සති තුනක් කොළඹ නගරය හුදෙකලා කොට දැඩි පාලනයක් යටතේ පවත්වාගෙන යා යුතු බව එය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here