අපරික්ෂාකාරී අයුරින් සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (15) පස්වරුවේ සිදුවූ මෙම අනතුර නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිස්වන නිදහස් මාවත අසල පිහිටි පුද්ගලික මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ගැටී තිබුණු අතර ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරය ට ද දැඩි ලෙස අලාභහානි සිදුව තිබුණා.

මෙම අනතුර ගැන වගේම එය සිදු වූ ස්ථානයේ සිටි තරුණි පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වූ අතර ඒවායේ සඳහන් වූයේ අදාළ තරුණිය අනතුර සිදු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය බවටයි. කෙසේ වෙතත් එම ඡායාරූපයේ සිටින සින්ඩි වික්‍රමනායක නැමැති තරුණිය පවසන්නේ තමන් එම අනතුරට සම්බන්ධ අයෙක් නොවන බවත් තමා පොලිස් අධිකාරීවරයාගේ දියණිය නොවන බවත්ය.

සිය මිතුරියක් වන පොලිස් අධිකාරීවරයාගේ දියණි අතින් මෙම අනතුර සිදු වූ බවත් එම අවස්ථාවේ ඇයට උදව් කිරීම සඳහා එම ස්ථානයේ රැඳී සිටි බවත් ඇය විසින් පවසයි

මේ සම්බන්ධයෙන් විශේෂ ෆේස්බුක් සටහනක් ද ඇය එක් කර තිබුණා. එය පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here