විල්පත්තු වනාන්‍තර එලි කිරීම ඉතාම නීති විරෝධී කියාවක් බව අභියාචනාධිකරනය නිවේදනය කර තිබෙනවා.

එම නිසා තම පෞද්ගලික මුදලෙන් විල්පත්තුව නැවත වගා කරන ලෙස අභියාචනාධිකරනය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට නියෝග කර ඇත.

ඒ අනුව විල්පත්තු අභය භුමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය තීරණය කර ඇති අතර එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළව මෙම තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත්කර තිබේ .

ඒ අනුව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට නියෝග කරනු ලැබුවේ සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here