කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදෙන්නේද චීනයට ලබාදෙන්නේද යන්න රජය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් යම්කිසි තීරණයකට එළඹෙන්නේ නම් ඒ වරායේ දියුණුව තකා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

“නෑ, අපි ඉන්දියාවට දෙනවද චීනයට දෙනවද කියන කාරණයක් අපි සඳහන් කරලා නෑ. ඉතිං ඔය කියන ජනතා විමුක්ති පෙරමුණ අපි කියන සාකච්ඡා එකක්වත් හිටියෙත් නෑ. මං දන්නෑ කොහොමද ඒ කට්ටිය දන්නෙ කියලා, නැත්තං ඒ කට්ටිය උපකල්පනය කරන්නෙ කියලා. හැබැයි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් වරායේ දියුණුව තකා ගන්න තීන්දුවක් මිසක් වරාය අගාධයට ගෙනියන්න අපි තීන්දු ගන්නෙ නෑ ගිය ආණ්ඩුව වගේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (14) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here