අද වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් බවත් ශ්‍රී ලංකාව බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා වනමහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව බව ඒ් මහතා පෙන්වා දෙයි.

මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ ගැටලූ ඇති බව පෙනී යන නමුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නැති බවත් කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් කර නැතැයි ද ඒ් මහතා පවසයි.

යම් නිවැරදි ආකාරයකින් කටයුතු වෛරසය පාලනය කළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් නමුත් කොළඹ තත්ත්වය ඉතාම බරපතළ බවත් පෙන්වා දෙයි.

මෙම වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් එසේ සොයාගත්තද ලංකාවට ඉතා ඉක්මනින් ලැබේවි යැයි සිතන්නට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here