කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ මහා නගර සභා සීමාව වැඩිපුරම අවදානමට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

සමස්තයක් ලෙස ගත් විට අනෙක් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම ඉහළ යා හැකි බවත් කොළඹ නගර සභා සීමාව අවට නම් අනෙක් ප්‍රදේශයද අවදානමට ලක්ව පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා බස්නාහිර පළාතේ වාසය කරන ජනතාව හැකිතාක් තම නිවෙස් වලටම වී සිටින ලෙසත් සංචරන සීමා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here