කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව පවා පෙන්වා දී ඇති බවත් චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතිි බවත් අධිකරණ ඇමති අලි සබ්රි පවසයි.

සියලුම ආගමිකයන්ට කොරෝනා මෘතදේහ තමන් කැමති ආකාරයකට භූමදාන හෝ ආදාහනය යන දෙකෙන් එකක් සිදු කිරීමට අවස්ථාවක් ලබාදීම තමාගේ අරමුණ බවත් තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මුස්ලිම් ජාතිකයන් සඳහා පමණක් නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ ගුවන විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here