එජාප හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ‘තමන් ඇතුළු පිරිස මේ දිනවල ආණ්ඩු පක්ෂය තවත් වැඩ රාජකාරි අනාගන්න තෙක් බලාගෙන සිටින බවයි. මේ වනවිට රටේ තරුණ ප්‍රජාව ඒකරාශී වෙමින් රට පුරා විවිධ චිත්‍ර අඳිමින් නඟර අලංකරණය පිළිබඳවද අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එය රාජපක්ෂලාගේ ගොන් ජෝක් එකක් බවයි. රටේ කොල්ලන් චිත්‍ර ඇඳීමෙන් වෙනම වැඩක් බවත් එය ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයෙන් සිදුවූ පෙරලිය නොවන බවත් ඔහු සඳහන් කළා.

නමුත් වැලේ වැල් නැතුව අනාථ වී නැගිටගන්නට බැරිව දඟලන හරින්ලාට නොතේරුනාට රටේ සිදුවන්නේ කුමක්ද කියා ජනතාව හොඳින් වටහාගෙන හමාරය.පසුගිය කාලයේ පාඨලී චම්පිකලා පන්නරය නමින් ඉන්න හිතෙන රටක් හදන්නට කියා රට වටේම පෝස්ටර් කටවුට් වලින් වනසමින් සිදුකල විනාශය හමුවේ තරුණ ප්‍රජාව එයට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් පෝස්ටර් කටවුට් වලින් තොරව රට ලස්සන කරන්නට ආරම්භය තැබූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව රට පුරා නඟර අලංකරණ කටයුතු ආරම්භ උනි එයට සහයෝගයක් ලෙස තරුණ ප්‍රජාව එක්වී රට වටා පෝස්ටර් හා දැන්වීම් වලින් ජරාජීර්ණව නගර අවලස්සන කරන තාප්ප පිරිසිදු කොට චිත්‍ර අඳින්නට පටන් ගත් අතර එයට ප්‍රධාන අනුබලය ලැබුනේ නඟර අලංකරණයට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණයෙන් පසුව මුළු රටේම ඇතිවූ නව පිබිදීම බව දේශපාලන පාට කන්නාඩි ගලවා කුහක නොවී විවෘතව සිතන සැමට නොරහසක්.

නමුත් හරින්ලා වැනි ගොබ්බ දේශපාලකයින්ට ඒවා නොතේරෙනවා නොවේ ජනතාව රවටන්නට ගොස් පස්ස බිම ඇනගෙන සිටින ඔවුන් කෙසේ හෝ යලි පොටක් හොයන්නේ වර්තමාන පාලනය පිළිබඳව වැරදි මතයක් ජනතාව වෙත මවා පෑමටයි. පා ස්කු ප්‍ර හා රය පිළිබඳව සියලු කරුණු දැනගෙන ඒවාට කට  වසාගෙන සිටි ඔවුන් දැන් රටේ කොල්ලන් චිත්‍ර අඳින ඒවාට මාධ්‍ය හමු තියමින් ප්‍රකාශ නිකුත් කරන්නේ රෙදි ඇඳගෙනද කියා අප ප්‍රශ්න කරමු.

එදා ඔය මාධ්‍ය හමු තියා ජනතාවට කිව්වනම් අර අහිංසක ජිවත 300 ගණනක් අදටත් ජිවත් වන බව හරින්ලාට තේරෙන්නේ නැද්ද? ඒවාට පාඩමක් උගනවමින් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කොට හමාරය තවත් බොරු බයිලා ගසමින කාලය කා දමනවා වෙනුවට හරින්ලා කල යුත්තේ යන එන මං සොයා ගන්නට බැරිව වන වැඩි සිටින පුතානෝ සමඟ එක්ව ජනතා අවශ්‍යතාවයට සරිලන දේශපාලනය කිරීම මිස 69 ලක්ෂයකගේ මතය හෑල්ලුවට ලක්කරන්නට ගොස් තව තවත් අනාථ වීම නොවේ…

කෙසේ වෙතත් හරින්ලා තාප්ප පාලම පමණක් නොව කළුගලකටවත් තිබෙන්නට නොදී මැතිවරණ කැම්පේන් කලේ මෙන්න මේ ආකාරයෙනි අපට අසන්නට ඇත්තේ හරින් මහත්තයෝ කොල්ලෝ චිත්‍ර අඳින එක ගොන් ජෝක් නම් මෙව්වට කියන්නේ මොනවද කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here