කොවිඩ් -19 අවදානම නොතකා ශ්‍රී ලංකාවට පැමිණීමට සංචාරකයින් දිරිමත් කරන වීඩියෝවක් දිලිත් ජයවීරට අයත් ට්‍රයඩ් ඩිජිටල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද අතර ඉරාජ් වීරරත්නද ඊට දායක වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ (13) දින පාර්ලිමේන්තුවේදී චෝදනා කළ බව වාර්තා වුණා.

ඉරාජ් පවසන්නේ එම කාර්‍ය වෙනුවෙන් තමා හෝ තමන්ගේ යම් ආයතනයක් සම්බන්ධ වූ බවට ඔප්පු කළහොත් තමන් කෝටි 3ක මුදලක් රන්ජන් රාමනායක මහතාට පරිත්‍යාග කරන බවයි.

නමුත් මේ මොහොත වන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ ඒය දිලිත් මහතාගේ Tried Ad ආයනය මඟින් සංචාරයක අමාත්‍යංශයට නිර්මාණයක කළ බවක් පමණි. ඒ් බව සඳහන් කරමින් ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා. ඒ් මෙන්න මේ විදිහට..

කෙසේ නමුත් ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු යන ජනතා බදු මුදල්වලින් යැපෙන මෙවැනි මහජන නියෝජිතයන් උත්තරීතර පාර්ලිමේන්තුව මහජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම වෙනුවට මෙවැනි බොරු අවලාද නැගීමට වේදිකාවක් කර ගැනීම ජනතා මනාපයට කරන අගෞරවයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here