බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රටේ ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු  රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
 
 ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදුර්දීන් සහ තමිල් මක්කල් විඩිතලෙයි පුලිගල් පක්‍ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍ර කාන්තන් යන මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු රැුස්වීම් සඳහා නොකැඳවෙන බව පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.
 
 එහෙත් ඡුන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසීන්ට යටත්ව ආරක්‍ෂිත පියවර අනුගමනය කරමින් එම මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කරන බවද නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here