ඇමරිකාවේ ජේම්ස් මවුප් ආයතනය අනාවරණය කරන ආකාරයට පාස්කු ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තයන් ශී‍්‍ර ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණ ප‍්‍රහාර එල්ල කර තිබේ.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ දෙහිවල බෝම්බකරු පවා ශී‍්‍ර ලංකාවේ සිට තුර්කියට ගොස් ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණි අයකු බව හෙළි වී තිබේ.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධවූවන්ගේ පසුබිම රුසියානු එෆ්. එස්. බී. බුද්ධි සේවය ද හෙළි කර තිබෙන අතර එරට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා රුසියාවේ පැවැති ආරක්‍ෂක සමුළුවකදී මේ තොරතුරු අනාවරණය කර තිබේ.

එහෙත් රහස් පොලිසිය සහ මෙරට ඉන්ටර්පෝල් ශාඛාව සිරියාව, තුර්කිය සහ රුසියාව යන රටවල ඉන්ටර්පෝල් ශාඛාවලින් මේ බව විමසා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here