කාලයක සිට යාපනය කොඩිගාමම් මුරුසුවිල් කරම්බගම් ප‍්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා ඇති අතර පිටස්තර පළාත්වල කාන්තාවන් දෙදෙනකු හා ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය පුද්ගලයා පෙරේදා (10 ) අත්අඩංගුවට ගෙන තිබේ.

කොරෝනා සමයේද මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම නිවස වටලා තිබේ.

අත්අඩංගුවට ගත් තිදෙනාම පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට තිබේ. යාපනය කොඩිගාමම් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here