උතුරු මොසැම්බික්හි කාබෝ දෙල්ගාදෝ නැමැති ප්‍රදේශයේ ගම්මානයක පුද්ගලයන් 50ක් මුස්ලිම් අන්තවාදීන් විසින් පාපන්දු පිටියකට රැගෙන ගොස් හිස ගසා දමා කෲර ලෙස මරණයට පත් කර ඇත. 

මෙම අන්තවාදීන් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පිරිසක් බව පැවසෙන අතර 2017 වසරේ සිටම මෙම අන්තවාදීන් ඉහත කී ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාවල නිරත වෙමින් සිටිනමුත් ඔවුන් විසින් සිදු කරන ලද දරුණුම ක්‍රියාව මෙය බව පැවසේ.

එම ප්‍රදේශයේ වැසියෝ මෙම සිදුවීමෙන් දැඩි බියට සහ කම්පනයට පත්ව සිටින අතර ඉක්මනින් මෙම ගැටුම් සමථයකට පත් කරන ලෙස ඉල්ලමින් සිටිති.

මෙම ප්‍රදේශය තුළ සිය බලය පිහිටුවා ගැනීම සඳහා සටන් කරන අන්තවාදීන් තම සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමේ දී ප්‍රදේශයේ පවතින දිළිඳු බව සහ විරැකියාව ප්‍රයෝජනයට ගන්නා බව සඳහන්ය. වසර කිහිපයක් තිස්සේ පවතින ගැටුම්වලින් මේ වනවිට 2,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ලක්‍ෂ 4කට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමිව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here