වත්මන් මැතිවරණ කොමිසමේ කාලය අනිද්දා (13) අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව මැතිවරණ කොමිසමක් පත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කියා සිටියි. විසිවෙනි සංශෝධනය අනුව නව කොමිසම පත් කරන තෙක් තිබෙන කොමිසමට කටයුතු කළ හැකියි. වර්තමාන මැතිවරණ කොමිසම (13) අවසන් වන බැවින් අපේ කටයුතු(12) ඉවර කළ යුතුයි.

මැතිවරණ කියන විෂය තුල තවදුරටත් තමා නොසිටින බවට ගත් තීරණය තමා අරගෙන තිබෙන බැවින් තමාගේ වයස දැන් වසර හැටපහක්ද වන බැවින් මින් සමුගන්නා බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here