ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පුහුණු කාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගත්තේ පස්වෙනි අවස්ථාවටය. දිල්කලි ණ්ඩායම් හා පැවැති අවසන් තරගයේ දී කඩුලු අවසන් 5 ක පහසු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූයේය.

තරගාවලිය මුලින්ම පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ලකුණු 156 ක් සහ විකට් 5 ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දු යවා 18.4 කදී ලකුණු 155ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

තරගයේ වීරයා ට්‍රෙන්ටි බෝල්ට සම්මාන ලැබීය. මහේලගේ පුහුණු කාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතාව හිමිකරගත් තෙවැනි වැනි අවස්ථාව මෙය වන අතර ඔහුගේ පුහුණු කාරීත්වය යටතේ මුම්බායි කණ්ඩායම අවසන් මහා තරංග හතරකට ක්‍රීඩාකර තිබේ.

මෙවර මුම්බායි කණ්ඩායම ශූරතාව හිමිකරගත්තේ දෙවැනි අවස්ථාවටය. 2017 වසරේ මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පුහුණු කාරීත්වය ලබාදුන් අතර වසරේ ශූරතාව හිමිකර ගැනීමට ඔහු සමත් වි.ය 2018 වසර අවසන් තරඟයට පැමිණිය ඔවුන් පරාජයට පත් වී ඉන් අනතුරුව යළිත් 2019 හා 2020 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් ශූරතාවය හිමිකර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here