පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ උප ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පවසයි. ඇයගේ සැමියා ද දැරූ උප සභාපති තනතුරින් ඉවත් වී ඇති අතර සතියකට පමණ ඉහතදී ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යැවූ ඩයනා ගමගේ පවසයි.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට සහාය පළ කරමින් ඩයනා ගමගේ ආණ්ඩු පාර්ශ්වයට එකතු වූ අතර සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කළේ 20 ට සහාය දැක්වූ සියලු දෙනා පක්ෂයෙන් නෙරපා හරින බවයි.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගෙන් විමසූ අතර එහිදී ඇය සඳහන් කළේ 20 වැනි සංශෝධනයට පක්ෂ වීමත් සමග උද්ගත වූ තත්වය මත, තමා හා තම සැමියා පක්ෂයේ තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here