නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායිකාවක් වගේම ඉතාම ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් .පුංචි කාලේ ඉඳන්ම සිය දක්ෂතාවයෙන් ජනතාවගේ ආදරය දිනාගත් මේ සුරූපී තාරකාවිය මේ වන වනවිට නීතිඥවරියක්. කලාව වගේම සිය අධ්‍යාපන කටයුතු වෘත්තීය ජීවිතය ජයගත් ඇය පසුගිය දිනෙක මාධ්‍යයට දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින්…

“ගොඩ කාලෙකට පස්සෙ වෙනස්ම සංගීතමය වැඩසටහනකට මට ආරාධනාවක් ලැබුණා.අපි ඒ ගීතවලට කැමැත්තක් දක්වන්නෙ ඇයි වගේ කාරණා ගැන කතා කරනවා. ලතා වල්පොළ මහත්මිය ගායනා කරන ‘නමෝ මරියනි…’ ගීතය මගේ ජීවිතයට ගොඩක් සමීප ගීතයක්. ඒ නිසා මම ඒ ගීතයට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ නිසා මම වැඩසටහනේදී මේ ගීතය ගායනා කළා ඒ නිසා ඇතැම් අය හිතුවා මම බුදු දහමෙන් කතෝලික දහමට මාරු වෙලා කියලා. මේ වෙලාවේ මම කියන්න ඕනේ මම බෞද්ධ දර්ශනය පිළිපදින බෞද්ධ කාන්තාවක්.

2021 වෙද්දී මම කලා ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 20ක් වෙනවා. එක පාරටම මම ඒ ගැන කතා කළාම ගොඩක් අයට මේක විශ්වාස කරන්න අමාරු වුණා.ඉතින් මට දැන් අම්මලා, තාත්තලා ගොඩක් ඉන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ කාල සීමාව පුරාවටම සීයට අනූනවයක්ම ලැබුණේ හොඳ ප්‍රතිචාර, ප්‍රේක්‍ෂක ආදරය. ඒ නිසා බොහොම සුළු පිරිසක් ගහන ගල්, මුල් ලොකුවට දැනිලා නැහැ.
ගොඩක් වෙලාවට තරුණ තරුණියෝ මාව නොදන්නවා වුණත් ළඟට ඇවිල්ලා කතා කරනවා. ඔයා ගොඩක් ලස්සනයි කියලා කියනවා.

ඒ වගේම මගේ විවාහය ගැන විවිධ කතා ඇති වුණා. ඒ හැමවෙලාවෙම ප්‍රහාන් මට ලොකු ශක්තියක් වුණා. එයා හැමවෙලාවෙම කියන්නේ මේ වගේ දේවල්වලට දක්වන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය, ප්නිහඩව හිඳීම කියලයි.

මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම කලා කටයුතුවල යෙදෙන්න උත්සාහ කරනවා. ඉදිරියේදී මගේ ගීතයක් දැකගන්න ලැබේවි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here