අපි දැකලා තියෙනවා ලෝකෙ ඇතැම් රටවල් මාර්ග සංවර්ධනයේ දී එහෙමත් නැත්නම් නගර සංවර්ධනයේදී ස්වභාවික සම්පත් රැක ගනිමින් තමයි ඔවුන්ගේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ .සරලවම කියනවා නම් ගස් කොළන් ආරක්ෂා කරගනිමින් ඒවාට කිසිදු හානියක් නොකර ඒවායින් බාහිර පරිසරය ද අලංකාර වන අයුරින් තමයි ඔවුන් සිය සංවර්ධන කටයුතු සිදු කරන්නේ .


මේ ඒකට කදිම උදාහරණයක් මේ තියෙන්නේ අමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නගරය

නමුත් අවාසනාවට අපේ රට ඊට වඩා හාත්පසින්ම වෙනස් . කොළඹ පුරපතිනිය රෝසි සේනානායකගේ දැනුවත් භාවයෙන් යුතුව පසුගිය දිනක කොළඹ නගරයේ මාර්ගයක් පුළුල් කිරීම සඳහා වසර 300 ක් පැරණි ජනතාවට සිසිලස දුන් දැවැන්ත නුග ගසක් කපන්නට නියම වුණා .

මේ කටයුත්තට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වුණත් රෝසිගේ අවසාන තීරණය වුණේ ගසා කපා ඉවත් කිරීමට අවසර ලබා දීමයි.

ගස කපා දමන්නට මත්තෙන් ජනතාව විසින් එහි විවිධ පුවරු එල්ලා තිබුණා. එහි සඳහන් වුණේ ‘‘නගරාධිපතා අපේ රෝසි නෝනේ‍ෙ ඔයාලගේ සංවර්ධන කටයුතු කර ගන්න පින් සිද්දවෙයි අනාගත දරුව වෙනුවෙන් මටත් ඉන්න ඉඩ දෙන්න යනුවෙනුයි ““

බොහෝ දෙනා සඳහන් කළේ මේ ගසට එහා පැත්තෙන් අඩි පහක් ගත්තා නම් ගස මැදට අරන් පාර පුළුල් කරන්න පුළුවන් කමක් තිබුණ නමුත් එය එසේ නොකර ගස කැපීමට කටයුතු කළ බවයි.

ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here