අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්නැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණු අතර කෙසේවෙතත්, දිස්ති‍්‍රක් අතර ගමනාගමනයෙන් පවා තවදුරටත් වැළකී සිටිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

ඇඳීරි නීතිය පනවා තිබීමෙන් පමණක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම ඉතා අපහසු බවත් ජනතාවට ද මෙම අවස්ථාවේ වැඩි වගකීමක් පැනවෙන බවත් එතුමා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here