“අපහට අද නිදහසේ හුස්ම ගන්න ඔහුගේ ජීවිතය මව් බිම වෙනුවෙන් පුජා කල රණවිරුවෙක් දායද කල පියෙකුට අද අත්ව අැති ශෝචනීය ඉරණමක් පිළිබඳ සටහනක්”

73, c කරුවලබැද්ද ග්‍රාම නිලධාරි වසමේ කැකිරිගහ උඩුමුල්ල මානම්පිට යන ලිපිනයෙහි පදිංචි එක් තැන් වී සිටින පියෙකු පිලිබඳවය.
     

ඔහුට දුවා දරුවන් තිදෙනෙකු සිටින අතර එම තිදෙනාගෙන් එක් පුත්‍රයකු රට දැය වෙනුවෙන් ජීවිතය පුජා කල රණවිරුවෙක් වෙයි එම නිසා  ඔහුට හිමි වැටුප මාසිකව මෙම පියා හට හිමිවෙයි. 

මෙහි අාදල කාරණය එය නොවෙයි මෙම පියා දැන් එක් තැන් වී සිටින නිසා කවුරුන් වත් දරුවන්ගේ පිහිටක් හව් හරණක් නොමැති අතර මෙම පියා රැක බලා ගන්නවා වෙනුවට ඔහුගේ අනෙත් පුත්‍රයා වන p.w.සුගත් උපේන්ද්‍ර යන අය මාසෙකට දිනක් පියා සොදා පිරිසිඳු කොට බැංකුව වෙත කැටුව ගොස් තම මියගිය සහෝදරයාට හිමි වැටුප තම පියා ලවා රැගෙන අාපසු නිවස තුල පෙර සේම නැවත ඊලග වැටුප් දින එනතෙක් කිසිදු පිරිසිඳු කිරීමක් හරි හමන් අාහාරයක් නොමැතිව මම පහත පල කරන ඡාය රුප වල අාකාරයට දිවි ගෙවයි.

මෙහි සඳහන් කල යුතු කාරණා වනුයේ එම පියාට හිමි වැටුප මම ඉහත නම සඳහන් කල තැනැත්තා සහ ඔහුගේ අනිත් සොහොයුරිය බෙදා හදාගන්නා අතර සොහොයුරියද මසකට දිනක් පමනක් පැමින මුදල් රැගෙන යයි.

සුගත් යන අයට පාසල් යන වයසේ දරුවන් සිව්දෙනෙකු සිටින අතර ඔහුන් යන පාසලක්නම් පෙනෙන්නට නැත තවද සුගත් තදින් මත් පැන් වලට අැබ්බැහි වී සිටින අතර ඔහුගේ බිරිඳ මත් ද්‍රව්‍ය වලට අැබ්බැහි වී සිටින කාන්තාවකි.

මේ පිළිබඳව බටපොල පොලිසිය දැනුවත් කලද කිසිම පලක් නොවිනඅවසාන වශයෙන් මා ඉල්ලා සිටිනුයේ මෙම සිදුවිම පිලිබඳව සටහන කාගෙන් හෝ නෙත ගැටුන විගස අපිට නිදහසේ ජීවත් වෙන්න රණවිරුවෙක් දායද කල මෙම පියාට නිදහසේ ජීවත් වීමට සුදුසු වැඩිහිටි නිවාසයකට හෝ යොමු කරන ලෙසය.
මෙය සිත් අැත්තෙකුගේ නෙත් යොමු වන තුරු බෙදා හරින්න. 
              

උපුටා ගැනීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here