සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඩයලොග් ආසියාටා පීඑල්සී එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා වේගවත් රොබෝටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.

කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමය සවිබල ගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබෝටික් පහසුකම් වලින් සමන්විත PCR පරීක්ෂණ කට්ටල 4000 පරිත්‍යාග කර තිබේ.

නව තාක්ෂණික ටොබෝටික් PCR පහසුකම් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය අටේ සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩු කිරීමට සමත් වීම විශේෂ වූ කරුණකි .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා පීඑල්සී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.. CE සහ යුරෝපීය IVD සහතික ලැබූ ජාත්‍යන්තර තත්ත්වයේ ස්වයංක්‍රීය විසඳුම් මගින් එකවර සම්ප්ල 32 පරික්ෂා කිරීමට හැකි වීම තුළින් පැය දෙක හමාරක් වැනි කාලයක් තුළ ආරක්ෂිත සහ වේගවත් ආකාරයෙන් පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාව තියෙනවා .

එම අවස්ථාවට අදාල වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here