ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති පදවියට පත්වන පළමු දකුණු ආසියානු ඇමරිකානු ජාතිකයා මෙන්ම පළමු කළු කළු ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාසයට එක් එක්වන්නීය.

ඉන්දීය ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිස් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළ අතර උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පසුව ඇය නම් කෙරිණි.

කමලා හැරිස් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමයිකාවේ උපත ලැබූවෙකි .

දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැරිස් හැදී වැඞී ඇත්තේ හින්දු භක්තික සිය ශ්‍යාමලා ගෝපාලන් සමගය ඇය පිළිකා පිළිබඳ පර්යේෂයේෂීකාවක් වන අතර සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. වසර හතරක් හාවඩ් හි වාසය කළ කමලා හැරිස්

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හිමිකරගත් අතර ඇලමෙඩා දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළාය.

2003 වසරේ ඇය ප්‍රැන්සිස්කෝ දිස්ත්‍රික් නීතිපති ධූරයට පත් විය ඒ ඇය කැලිෆෝනියාවේ නීතිපති ධූරයට පත් පලමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය.

කැලිපෝනියාව ඇමරිකාවේ ජනගහනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධූරය එම ශ්‍රේෂ්ත්‍රයේ පවතින ඉහළම පදවියයි.

නීතිපති ධූරයේ කටයුතු කළ කාලය අතරතුරදී ම ඩිමෝක්‍රොටික්පක්ෂයේ පෙනන දේශපාලනඥවරියක ලෙස ඇය නමක් දිනා ගත්තාය. 2014 වසරේ කමලා හැරිස් කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නේය. දැන් ඇය අමරිකාවේ උප ජනාධිපතිවරිය ලෙස පත්වීමට නියමිත ප්‍රථම ආසියාතික හා කළු ජාතික කාන්තාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here